මුලික වශයෙන් බිට් 32 හා 64 යනු පොසෙසරය සැලසුම්
කර ඇති ආකාරයයි.ඒවාට ගැලපෙන සේ මෙහෙවුම් පද්ධතිය සැලසුම් කල විට ඒවාත් බිට් 32 සහ
64 යනුවෙන් හදුන්වයි. එම මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන වෙනත් වැඩසටහන්ද හදුන්වන්නේ එම
බිට් අගයන් ඇසුරෙනි. බිට් 64 මාදිලියේ වැඩසටහන් භාවිතා කල හැක්කේ බිට් 64 ට සහය
දෙන පොසෙසර් ඇති පරිගණක වලදී උවත්, බිට් 32 මාදිලියේ වැඩසටහන්මේ කවර එකකදී වුව
භාවිතා කරන්නට පුලුවන.
එහෙත් එහිදී මුහුන පාන්නට වන ගැටලුව වන්නේ 32
බිට් මෙහෙයුම් පද්ධතියට භාවිතා කළ හැකි උපරිම රැම් ධාරිතාව 3.41GB කට සීමාවීමයි. එහෙත් 64 බිට් මෙහෙයුම් පද්ධතියක්
සදහා 128GB ක් දක්වා සහාය දක්වයි. මේ නිසා 4GB ක් හෝ ඊට වැඩි රැම් පමානයක් භාවිතා කරන
පරිගණකයකදී, සම්පූර්ණ රැම් පමාණයම භාවිතා කරන්නට, 64 බිට් මෙහෙයුම් පද්ධතියක්
ඉන්ස්ටෝල් කර ගත යුතුය.
64 බිට් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කර ගැනීමේ
අවාසිය වන්නේ ඇතැම් වැඩසටහන් ඒ සමග නොගැලපීමයි. තරමක් පැරනි වැඩසටහන් හෝ හාඩ්වෙයා
හෝ භාවිතා කරන්නේනම් 64 බිට් මෙහෙයුම් පද්ධතිය සමග ඒවා නොගැලපෙන අවස්තා වැඩිය.
64 බිට් මෙහෙයුම් පද්ධති වල ඇති මූලික වාසිය
වෙන්නේ එවිට 64 බිට් පොසෙසරයෙන් උපරිම වැඩ ගත හැකි වීමයි. එසේම රැම් එක සමග
වේගයෙන් කටයුතු කල හැකි වීමයි. අනෙක් අතට දැන් තිබෙන සමහර වැඩසටහන් නිර්මාණය
කෙරෙන්නේ 64 බිට් මෙහෙයුම් පද්ධතිය සදහා ගැලපෙන ආකාරයෙනි. එනිසා මෙම වැඩසටහන්
වලින් වැඩ කරන්නට නම් අනිවාරයෙන්ම 64 බිට් මෙහෙයුම් පද්ධතියක් පරිගණකයේ ඉන්ස්ටෝල්
කර තිබිය යුතුය.
0 comments: