ජාවා පාඩම් 01. ජාවා ආරම්භක පාඩම.......
පලවෙනි පාඩම නිසා ඔයාලට ජාවා ගැන පොඩ්ඩක් කියලම වැඩේ පටන් ගන්න හිතුන. මම ජාවා ගැන පොඩ්ඩක් මෙහෙම කියන්නම්,
ජාවා භාෂාවේ පියා ලෙස හැදින් වෙන්නේ James Gosling ය. මෙය අද ලෝකයේ සැම භාෂාවක්ම පර යමින් අද වන විට ලෝකයේ පරිපූර්නම භාශාව වී ඇත.
01.අලංකාර හා සංකීරන වෙබ් අඩවි නිර්මාණය කරීම,
02.මෘදුකාංග නිර්මානය,
03.වර්ඩ් ප්‍රොසෙසර්ස් (Word
processor),
04.ස්ප්‍රෙඩ්ෂීට් (Spread sheet),
05.ඉ-මේල් ක්ලයන්ට් (e-mail client),
06.ත්‍රිඩී ගේම්ස් (3D Game),
07.ජංගම දුරකතන හා පීඩීඒ (PDA) උපාංග වෙනුවෙන් යෙදුම් (Applications) තවත් බොහෝ දේ කිරීමට ජාවා යොදා ගනී.
මේ වන විට ලෝකය පුරා තැන්තැන්වල ජාවා භාෂාව යොදා ගෙන මෘදුකාංග සංවර්දනය කරන්නෝ (Java Developers) හතළිස් ලක්ෂයක් පමන සිටිති. අද ලෝකයේ ජංගම දුරකතන තුන්සිය කෝටි අසූ ලක්ශයක්ම ක්‍රියාත්මක වන්නේ ජාවා වලින්ය.
ටිකක් ලොකු හෑල්ලක් කියෙවුව නේද? කමක් නෑ මේ ටිකත් කියවන්නකෝ.......
- ජාවා භාෂාව ක්‍රියාත්මක වන හැටි...
ජාවා තුලදී සියලුම මූලාශ්‍ර කේත (Source Code) අපේ වචනයෙන් කෝඩ් ලියන්නේ '.java' යන එක්ටෙන්ශන් එකෙනි. ඊට පස්සේ මේ මූලාශ්‍ර ගොනු (Source File) සියල්ල '.class' ලෙස හදුන්වන ගොනු බවට කම්පයිල් කෙරේ. මේ කම්පයිල් කරන ජාවා තුලම තියෙන මෘදුකාංගය හදුන්වන්නේ ජාවා කම්පයිල ලෙසය (Java Compailer). '.class' fill එකක් තුල code අඩංගු වන්නේ නැත. එහි අඩංගු වන්නේ තොරතුරු සමූහයකි. එය හදුන් වන්නේ bytecodes කියාය.
එසේ සකස් කර ගත් .class ෆයිල් එක පරිගනකයට තේරුම් කර ගත හැකි ආකාරයට සකස් කිරීමයි ඉලගට සිදුවෙන්නේ. එය සිදුවන්නේ ජාවා වර්චුවල් මැෂින් (JVM - Java
Virtual Machine) එහෙමත් නැත්තම් ජාවා වීඑම් (Java VM) එක මගිනි. මෙය මගින් අප භාවිතා කරන පද්දතියට තේරුම් ගත හැකි ආකාරයට වැඩසටහන නැවත සකසයි.
කෝඩ් කල වැඩසටහන මෙහෙයුම්
පද්දතිය මගින් පෙන්වන්නේ මෙම ජාවා වීඑම් එක මගිනි.
මෙම ජාවා වීඑම් එකෙහි තිබෙන විශේශත්වය වන්නේ
ඕනෑම ජාවා ක්‍රම ලේඛයක් Windows, Linux, Mac
OS යන ඕනෑම මෙහෙයුම් පද්දතියකදී
ක්‍රියත්මක කල හැකි තැනට ගෙන ඒමයි.
ඔන්න හෑලි කියවල ඉවරයි.... ජාවා බාගෙන වැඩේට බහිමු.........
- ජාවා ඩවුන්ලෝඩ් කිරීම.......
ජාවා කෝඩ් ලිවීම සදහා
කිසිදු විශේශ වැඩසටහනක් අවශ්‍ය නැත. Windows සමග ලැබෙන NotePad එක මේ සදහා හොදටම ප්‍රමාණවත්ය.
ඒ තුල ලියන වැඩසටහන්
ක්‍රියාත්මක කිරීමට නම් එය කම්පයිල් කල යුතුය. මේ සදහා ජාවා ඩිවලොප්මන්ට් කිට් (JDK - Java Development Kit) නම් වැඩසටහනක් පරිගණකයේ තිබිය යුතුය. සකස් කර ගත් කෝඩ් අඩංගු ෆයිල් එක ක්ලාස් ෆයිල්
එකක් කරන්නේ මෙමගිනි.
ජාවා ඩවුන්ලෝඩ් කර ගනීමට
පහතින් ක්ලික් කරන්න. වෙබ් අඩවියට පිවිසුන පසු එහි ඇති Java Platform, Standard Edition නම් ස්තානයේ JDK යන්න යටතේ ඇති ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න.
එවිට Open වන වෙබ් පිටුවෙහි Accept License Agreement යන්න ලබා දෙන්න. එවිට Java SE Development Kit 6 Update 26 යන්න තුලින් ඔබගේ මෙහෙයුම් පද්දතියට ගැලපෙන ජාවා ඩිවලොප්මන්ට් කිට් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ්
කර ගත් පසු ඒ මත ඩබල් ක්ලික් කර එය ඉන්ස්ටෝල් කර ගන්න. එපමනයි.
ආ අදට පන්තිය ඉවරයි. ඔයාල ජාවා ඔයලගෙ මැසිමට දාගෙන ඉන්නකෝ, මම ඉක්මනටම ඊලග පාඩම අරන් එනව.
මේ සම්බන්දව මොකක් හෝ ගැටලුවක් මතු උවහොත් කමෙන්ට් එකක් දාන්න. මට e-mail එකක් දැම්මත් මම ඔයාලට උදවු කරන්නම්,e-mail - Shehandiluka70@gmail.com
අපේ Facebook FanPage එකට Like එකක් දාන්නත් අමතක කරන්න එපා හොදද,






ayye ethiri padam kavadada oya danne
ReplyDelete