05. කෙදිරිලි හඩින් දෝශ සෙවීම. කොම්පියුටරයක් ක්රියත්මක කරන විට නැගෙන ‘බීප්’ හඩ ඇසුරෙන් එහි දෝශ සොයා ගන්න හැටි.


හොදින් ක්‍රියා කරන පරිගනකයක් ක්‍රියත්මක කල සැනින් එයින් ' බීප්' හඩක් නික්මෙයි. එම හඩ ජනනය වන්නේ මව්පුවරුවට සම්බන්දිත කුඩා ස්පීකරයක් මගිනි.

ඕනෑම පරිගනකයක් ආරම්බ වීමේදී මුලින්ම මව් පුවරුවේ ඇති බයෝස් (භ්IOS – Basic input/ Output System) වැඩසටහන ක්රියත්මක වේ. මෙම වැඩසටහන මව් පුවරුවේ ඇති චිපයක් තුල අඩංගු කොට තිබේ. මෙහි ප්රදාන කාර්ය වන්නේපෝස්ට් (POST – Power On Self Test) ලෙස හදුන්වන ක්රියවලිය මෙහෙය වීමයි.


  •  බයෝස් වැඩසටහන ස්වයං පරීක්ශනයකට භජනය කරවීම.
  •  පරිගනකය සතු ප්රදාන මතකය පරීක්ශා කරවීම.
  • මව්පුවරුව මත පිහිටි දත්ත සම්ප්රේශන මාර්ග හෙවත් බස් ලයින් (BUS Lines) හදුනා ගනීම හා පරීක්ශාව.
  • මූලික දර්ශන තිර ලබා දීම.
  • පරිගනක බූට් කරවීම.
  • සවි කර ඇති උපාංග හදුනාගැනීම.
  • මෙහෙයුම් පද්දතිය දාවනය වීම සදහා අවශ්ය පසුබිම සැකසීම,
                                                                                              යනාදී සිදු වේ.


මෙම කටයුතු සිදුවීමේදී යම් දෝශයක් පරිගනකයේ තිබේ නම් එවිට සාමානය තනි බීප් හඩක් වෙනුවට එක්කෝ එම බීප් හඩ නිකුත් නොවේ. නැතිනම් කිපවතවක් නිකුත් වේ.
මෙසේ නිකුත් වන හඩ රටාව විමසා බලීමෙන් පරිගනකයේ ඇති මූලික උපාංග වල (Motherboard, RAM, Processor, Display Adaptor) තිබෙන දෝශ හොයා ගත හැක.
මෙසේ දෝශ සහිත අවස්තවලදී ලැබෙන බීප් නාදයේ වාර ගනන මව්පුවරුව මත ඇති බයෝස් චිපයේ වර්ගය අනුව වෙනස් වේ.
පහත දක්වා අත්තේ IBM පරිගනක වලදී ලබෙන ‘බීප්’ හඩ අනුව පෙන්වන දෝශ සටහනකි.
කෙටි ‘බීප්’ හඩක් - පද්දතියේ දෝශයක් නැත.
කෙටි ‘බීප්’ හඩ දෙකක් - POST/CMOS හි දෝශයක් - එම දෝශය පෙන්වන දෝශ කේතය හෙවත් එරෝ කෝඩ් එකක් තිරයේ දිස් වේ. එම කොඩ් එක අනුව දෝශය තිරනය කල හැක. ඉන් කීපයක් මෙසේය.
  • sdfgh
    • 100 to 199 - System boards
    • 200 to 299 – Memory
    • 300 to 399 – Keyboard
    • 400 to 499 – Monochrome display
    • 700 to 799 – Math coprocessor
    • 900 to 999 – Parallel printer port
    • 1000 to 1099 – Alternate printer adapter
    • 1100 to 1299 – Asynchronous communication device, adapter, or port
    • 1300 to 1399 – Game port
    • 1400 to 1499 – Color/graphics printer
    • 1500 to 1599 – Synchronous communication device, adapter, or port
    • 1800 to 1899 – Expansion unit (XT)
    • 2000 to 2199 – Bisynchronous communication  adapter
    • 2400 to 2599 – EGA system-board video (MCA)
    • 3000 to 3199 – LAN adapter
    • 4800 to 4999 – Internal modem
    • 7000 to 7099 – Phoenix BIOS chips
    • 7300 to 7399 – 3.5-inch disk drive
    • 8900 to 8999 – MIDI adapter
    • 11200 to 11299 – SCSI adapter

    • ‘බීප්’ හඩ නැත - බල සැපයුමේ හෝ මවුපුවරුවේ දෝශයකි.
    •  
    • නොනවතින ‘බීප්’ හඩ - බල සැපයුමේ, මවුපුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝශයකි.
    •  
    • නැවත නැවත මතුවන කෙටි ‘බීප්’ හඩ - මතකය පිලිබද දෝශයකි.
    •  
    • එක් දිග ‘බීප්’ හඩක් හා එක් කෙටි ‘බීප්’ හඩක් - මවුපුවරුවේ දෝශයකි.
    •  
    • එක් දිග ‘බීප්’ හඩක් හා එක් කෙටි ‘බීප්’ හඩ දෙකක් - ඩිස්ප්ලේ ඇඩප්ටරයේ දෝශයකි.
    •  
    • එක් දිග ‘බීප්’ හඩක් හා එක් කෙටි ‘බීප්’ හඩ තුනක් - ග්‍රැපික් ඇඩප්ටරයේ දෝශයකි.
    •  
    • දිගු ‘බීප්’ හඩ තුනක් - යතුරු පුවරුවේ දෝශයකි.
    •  
    • නොනවතින උස් හා පහත් හඩින් යුතු ‘බීප්’ හඩ - ප්‍රොසෙසරය අදික ලෙස රත් වී දෝශ ගෙන දෙන බව කියයි.




0 comments: